ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය
இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு
Embassy of Sri Lanka, Seoul, Republic of Korea

(A) තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශයේ නියෝජිත ආයතන/සමාගම් ලියාපදිංචිය
රැකියා ඇණවුමක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ පළමු පියවර ලෙස, කොරියානු ජනරජයේ පිහිටි බඳවා ගැනීමේ නියෝජිත ආයතනය හෝ සමාගම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන (E&W) අංශයේ ලියාපදිංචි විය යුතුය.
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය:
- කොරියාවේ රැකියා නියෝජිතායතනයක් හෝ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
- බඳවා ගැනීමේ නියෝජිත ආයතනයේ හෝ සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය.
- නම් කරන ලද පුද්ගලයාගේ (Designated Person) ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ පිටපත.
- අදාළ පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද රැකියා ස්ථානගත කිරීමේ බලපත්‍රය/සහතිකය. (බඳවා ගැනීමේ නියෝජිත ආයතනයක් සඳහා පමණක් අදාළ වේ.)
- කොරියානු ජනරජයේ අදාළ බඳවා ගැනීමේ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව. (අදාළ නම් පමණි.)
- ලේඛන තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා නියෝජිතයෙකු (Representative) පත් කර ඇති බව සඳහන් කරමින් බඳවා ගැනීමේ නියෝජිත ආයතනය හෝ සමාගම විසින් නිකුත් කරන ලද බලය පැවරීමේ ලිපිය. (නියෝජිතයෙකු මාර්ගයෙන් ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවකදී පමණි.)
- එ් අනුව, එම බලයලත් නියෝජිතයාගේ (Representative) ජාතික හැඳුනුම්පතේ හෝ ගමන්බ ලපත්රයේ පිටපත. (ඉහත අංක 6 අදාළ වන අවස්ථාවකදී පමණි.)
· ලියාපදිංචි ගාස්තුව
ලියාපදිංචි වීමේදී ඇමරිකානු ඩොලර් 42.00ක් (USD 42.00) හෝ ඊට සමාන කොරියානු වොන් (KRW) මුදලක් ලියාපදිංචි ගාස්තුව ලෙස ගෙවිය යුතුය.
මෙම ලියාපදිංචිය ලියාපදිංචි කළ දිනයේ සිට වසරක කාලයක් සඳහා වලංගු වේ.
සටහන: ඉහත සඳහන් ලේඛන අතුරින් කිසියම් ලේඛනයක් කොරියානු භාෂාවෙන් සකස් කර ඇත්නම්, මුල් ලේඛනය සමඟ එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද ඉදිරිපත් කළ යුතුය.
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, SLBFE Job Order Approval Process වෙබ් පද්ධතිය වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පරිශීලක නාමය සහ මුරපදය රැකියා හා සුබසාධන අංශය විසින් නිකුත් කරනු ලැබේ.
අනතුරුව, බඳවා ගැනීමේ නියෝජිත ආයතනයට හෝ සමාගමට එම ප්‍රවේශ තොරතුරු භාවිත කර තම රැකියා ඇණවුම් සකස් කර පද්ධතියට උඩුගත කළ හැකිය.
(B) රැකියා ඇණවුම් සත්‍යාපනය
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, සෝල් හි සාර්ථකව ලියාපදිංචි වීමෙන් අනතුරුව, බඳවා ගැනීමේ නියෝජිත ආයතනයට හෝ සමාගමට රැකියා ඇණවුම සත්‍යාපනය සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ හැකිය.
ලේඛන ඉදිරිපත් කිරීමට පෙර පහත සඳහන් ලේඛන නිසි පරිදි සකස් කර සම්පූර්ණ කළ යුතුය:
- ඉල්ලුම් ලිපිය (Demand Letter / Job Order)
- නියෝජිත ආයතන අතර ගිවිසුම (Agent-to-Agent Agreement)
(කොරියානු ජනරජයේ බඳවා ගැනීමේ නියෝජිතයා හෝ සමාගම සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයා අතර ඇති ගිවිසුම.) - විශේෂ ඇටෝර්නි බලපත්‍රය (Special Power of Attorney)
ඉහත ලේඛන තුන සඳහා ආදර්ශ ආකෘති SLBFE වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය.
- අවශ්‍ය සුදුසුකම් සඳහන් ලිපිය
(ඉල්ලුම් ලිපියේ සුදුසුකම් සහ පළපුරුද්ද ඇතුළත් කර නොමැති අවස්ථාවකදී. අදාළ රැකියා ඇණවුම (Job Order) යටතේ ශ්‍රී ලාංකිකයන් බඳවා ගනු ලබන සේවායෝජකයාගේ/සේවායෝජකයන්ගේ හෝ අනුබද්ධ සමාගම්වල විස්තර ඇතුළත් විදේශීය නියෝජිතයා/සමාගම විසින් නිකුත් කරන ලද ලිපියක්.) - පරිපාලිත සමාගම් / සේවායෝජකයින් ඒ වන විටත් අනුමත කරන ලද රැකියා ඇණවුමකට, පසුව ඇතුළත්ක රන්නේ නම් පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.
- පරිපාලිත සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය -(අදාළ බඳවා ගැනීම කොරියානු සමාගමක් (සේවායෝජකයා )විසින් සිදු කරන අවස්ථාවකදී)
- කොරියානු බඳවා ගැනීමේ ආයතනය සහ අදාළ සේවා යෝජකයා අතර ගිවිසුමක් -(අදාළ බඳවා ගැනීම කොරියානු බඳවා ගැනීමේ ආයතනයක් මගින් සිදු කරන අවස්ථාවකදී)
සටහන: ශ්‍රී ලාංකික බඳවා ගැනීමේ නියෝජිත, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) වලංගු බලපත්‍රයක් හිමි නියෝජිත ආයතනයක් විය යුතුය.
ඉහත ලේඛන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, ලියාපදිංචි බඳවා ගැනීමේ නියෝජිත ආයතනය හෝ සමාගම විසින් බලයලත් පරිශීලක නාමය හා මුරපදය භාවිත කර අවශ්‍ය තොරතුරු සහ උපකාරක ලේඛන SLBFE Job Order Approval Process වෙබ් පද්ධතිය වෙත උඩුගත කළ යුතුය.
උඩුගත කරන ලද තොරතුරු සහ උපකාරක ලේඛන සමාලෝචනය කිරීමෙන් අනතුරුව, රැකියා හා සුබසාධන අංශය විසින් රැකියා ඇණවුම සත්‍යාපනය කිරීම සඳහා අදාළ ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙස අයදුම්කරු වෙත දැනුම් දෙනු ලැබේ.
· සත්‍යාපන ගාස්තුව
ඉහත ලේඛන සත්‍යාපනය සඳහා ඇමරිකානු ඩොලර් 180.00ක් (USD 180.00) හෝ ඊට සමාන කොරියානු වොන් (KRW) මුදලක් ගෙවිය යුතුය.