ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය
இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு
Embassy of Sri Lanka, Seoul, Republic of Korea

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය (HRDK) හරහා, කොරියානු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්මේලනය (KBIZ), ජාතික ධීවර සමුපකාර සම්මේලනය (NFFC) සහ කොරියානු ඉදිකිරීම් සංගමය (CAK) කොරියාවට අලුතින් පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා අදාළ පුහුණු මධ්‍යස්ථානවලදී පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහයෝගය ලබාදේ.
· සේවායෝජක ඇගයීම්
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගෙන ඇති කොරියානු කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් වෙත තානාපති කාර්යාල නිලධාරීන් විසින් සංචාර සිදු කරනු ලබන අතර, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් සේවායෝජකයින් වෙත ස්තූතිය පළ කිරීම සඳහා ඇගයීම් ඵලක සහ සමරු තිළිණ පිරිනමනු ලැබේ.
සේවායෝජකයින් සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැනීම, කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ ජීවන හා සේවා තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සහ පවතින ගැටලු විසඳීමේ අරමුණින් මෙම වැඩසටහන 2014 වර්ෂයේදී ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන මගින් තොරතුරු රැස් කිරීම සහ ශ්‍රී ලංකාව කොරියානු සේවායෝජකයින් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල සහායක් ලැබී ඇති බව තානාපති කාර්යාලය හඳුනාගෙන ඇත. එමෙන්ම, කොරියානු සේවායෝජකයින් අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ අවබෝධය සහ උනන්දුව වැඩි කිරීමටද මෙම වැඩසටහන දායක වී ඇති අතර, අනාගතයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා සේවායෝජකයින් ධනාත්මකව පෙළඹවීමටද එය උපකාරී වී ඇත.