ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag

උපත් ලියාපදිංචි කිරීම

උපදෙස්

කරුණාකර මෙම මාර්ගෝපදේශ හොඳින් කියවන්න.

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව කොරියානු ජනරජයේ උපත ලබන දරුවන්ගේ උපත් සෝල්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලියාපදිංචි කළ හැකිය. දෙමාපියන් දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයකු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.

උපත් ලියාපදිංචි කිරීම සිදු කරනු ලබන්නේ කල්තියා වේලාවක් වෙන් කරවා ගැනීමෙන් පමණක් බව කරුණාවෙන් සලකන්න.

දරුවා උපන් විගස (+82) 02-735-2966, 02-735-2967 හෝ 02-794-2968 (දිගු අංකය 203) යන දුරකථන අංක ඔස්සේ තානාපති කාර්යාලය අමතා උපත ලියාපදිංචි කිරීම සඳහා වේලාවක් වෙන් කරවා ගන්න.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • කොරියානු උප්පැන්න සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය (කොරියාවේ උපත ලබා ඇත්නම්) 
  • දෙමාපියන්ගේ මුල් උප්පැන්න සහතික (ඉංග්‍රීසි පරිවර්තන භාරගනු නොලැබේ) 
  • දෙමාපියන්ගේ මුල් විවාහ සහතිකය (ඉංග්‍රීසි පරිවර්තනය භාරගනු නොලැබේ) 
  • දෙමාපියන්ගේ මුල් ගුවන් ගමන් බලපත්‍ර 
  • පියා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය (පියා ශ්‍රී ලාංකික පුරවැසියකු නොවේ නම්, එම ප්‍රකාශය මව විසින් ඉදිරිපත් කළ යුතුය) 
  • කොරියානු වීසා කාඩ්පත (විදේශික ලියාපදිංචි කාඩ්පත) 

ප්‍රකාශය ඉදිරිපත් කරන මවට හෝ පියාට දරුවා උපන් අවස්ථාවේදී වලංගු වීසා බලපත්‍රයක් නොතිබුණේ නම්, ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

සටහන: උපන් දින සිට වසරක් ගතවන තෙක් ලියාපදිංචි කර නොමැති උපතක් ලියාපදිංචි කළ හැක්කේ උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව පමණි.

අයදුම්පත සැකසීමේ ගාස්තුව

  • කොරියානු වොන් (KRW) 93,000 

සටහන

හමුවීම සඳහා වේලාවක් වෙන් කරවා ගැනීමට, කරුණාකර 02-735-2966, 02-735-2967, 02-794-2968 යන දුරකථන අංක ඔස්සේ හෝ cons.head@slembkr.org යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ තානාපති කාර්යාලය අමතන්න.

නියමිත වේලාවට පැමිණ, අවශ්‍ය ලේඛන සූදානම් කරගෙන සිටින්න. කිසියම් විමසීමක් ඇත්නම් කල් ඇතිව අප අමතන්න.