ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය
இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு
Embassy of Sri Lanka, Seoul, Republic of Korea

විවාහ ලියාපදිංචි කිරීම
විවාහය ලියාපදිංචිය සඳහා දිනයක් වෙන්කරගැනීමට පෙර තානාපති කාර්යාලයට පැමිණ පහත සඳහන් ලියකියවිලි භාරදිය යුතුය. විවාහය ලියාපදිංචි කළ හැක්කේ ඉන් දින 14ට පසුවය.
උපදෙස්
වෙන් කරගත් වේලාවේදී ප්‍රමාදයකින් තොරව සේවාව ලබාගැනීම සඳහා කරුණාකර මෙම මාර්ගෝපදේශ හොඳින් කියවන්න.
- ශ්‍රී ලංකා නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා විවාහ වීමට අපේක්ෂා කරන දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයකු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
- අදාළ විවාහය සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ලියාපදිංචි කළ හැකිය.
- සාමාන්‍ය විවාහ නීතිය, උඩරට විවාහ හා දික්කසාද නීතිය හෝ මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කළ හැකිය.
(මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර්වරයකු පැමිණ සිටිය යුතුය.)
ඉදිරිපත් කළ යුතු ලේඛන
- විවාහ වීමට අපේක්ෂා කරන දෙදෙනාගේ වත්මන් විවාහක / අවිවාහක තත්ත්වය තහවුරු කිරීම සඳහා, එක් එක් පාර්ශ්වයේ මව හෝ පියා විසින් නීතිඥවරයකු / සාමදාන විනිශ්චයකාරවරයකු ඉදිරියේ ලබාදෙන වෙන වෙනම දිවුරුම් ප්‍රකාශ දෙකක් (02) (අවිවාහක බව තහවුරු කිරීමේ සහතික). යෝජිත විවාහය සම්බන්ධයෙන් අදාළ මවගේ හෝ පියාගේ විරුද්ධත්වයක් නොමැති බව ද එක් එක් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.
- එක් පාර්ශ්වයක් හෝ දික්කසාද වී ඇත්නම්, අදාළ දික්කසාද සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- එක් පාර්ශ්වයකගේ හෝ කලත්‍රයා මියගොස් ඇත්නම්, මියගිය කලත්‍රයාගේ මරණ සහතිකය සහ පෙර විවාහයේ විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- එක් පාර්ශ්වයක් හෝ දරුකමට හදාගැනීම සඳහා නීත්‍යනුකූලව භාරගත් අයකු නම්, අදාළ දරුකමට හදාගැනීමේ සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- දෙදෙනාගේම මුල් උප්පැන්න සහතික (ඉංග්‍රීසි පරිවර්තන භාරගනු නොලැබේ)
- දෙදෙනාගේම වලංගු ගුවන් ගමන් බලපත්‍ර
- වලංගු ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍ර දරන සාක්ෂිකරුවන් දෙදෙනකු (02)
සටහන: ගුවන් ගමන් බලපත්‍ර හැර ඉහත සඳහන් සියලුම ලේඛන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මඟින් නිසි පරිදි සත්‍යාපනය කර තිබිය යුතුය.
අවිවාහක බව තහවුරු කිරීමේ සහතිකයේ සියලුම නම්, ගුවන් ගමන් බලපත්‍ර අංක සහ ජාතික හැඳුනුම්පත් අංක නිවැරදිව සඳහන් කළ යුතුය.
අයදුම්පත සැකසීමේ ගාස්තුව
- කොරියානු වොන් (KRW) 98,000
නියමිත වේලාවට පැමිණ, අවශ්‍ය ලේඛන සූදානම් කරගෙන සිටින්න. කිසියම් විමසීමක් ඇත්නම් කල් ඇතිව අප අමතන්න.
සටහන
හමුවීම සඳහා වේලාවක් වෙන් කරවා ගැනීමට, කරුණාකර 02-735-2966, 02-735-2967, 02-794-2968 යන දුරකථන අංක ඔස්සේ (දිගු අංකය 203) හෝ cons.head@slembkr.org යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ තානාපති කාර්යාලය අමතන්න.