ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag

කොරියානු ජනරජයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට රැකියා ගිවිසුම් උල්ලංඝනය කිරීම, වැටුප් නොගෙවීම හෝ වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම, කාර්මික අනතුරු, සේවා ස්ථානයේ හිරිහැර කිරීම් හෝ වෙනත් රැකියා සම්බන්ධ ගැටළු වැනි විවිධ ගැටළු වලට ඇතැම් විට මුහුණ දීමට සිදුවිය හැකිය.

එවැනි අවස්ථාවලදී, මෙම ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. පැමිණිලි දුරකථනය මගින් හෝ තානාපති කාර්යාලයට පැමිණ පුද්ගලිකව ඉදිරිපත් කළ හැකිය.

මීට අමතරව, ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) එක්ව LankaKonect ජංගම යෙදුම හඳුන්වා දී ඇති අතර, එමගින් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට තම පැමිණිලි තානාපති කාර්යාලය වෙත සෘජුවම මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, පහත දක්වා ඇති සබැඳිය හරහා ජංගම යෙදුම බාගත කර ස්ථාපනය කරන්න. යෙදුම ස්ථාපනය කිරීමෙන් අනතුරුව, අවශ්‍ය තොරතුරු ලබා දීම සහ අදාළ උපකාරක ලේඛන උඩුගත කිරීම මගින් පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

ජංගම යෙදුම බාගත කිරීම

Apple App Store: LankaKonect ජංගම යෙදුම

https://apps.apple.com/lk/app/lankakonect/id6780956925             

 

Content image

 

Google Play Store: LankaKonect ජංගම යෙදුම

https://play.google.com/store/apps/details?id=com.slbfe.lankakonect

        

තානාපති කාර්යාලය සහ අදාළ බලධාරීන් විසින් ඔබගේ පැමිණිල්ල සමාලෝචනය කර, අදාළ ක්‍රියාපටිපාටි අනුව අවශ්‍ය පියවර ගනු ඇත.

Content image